Jump to Content

Google හි සියල්ල, ඔබ වෙනුවෙන් වැඩ කරයි

ඔබේ Google ගිණුමට පුරනය වී, ඔබ භාවිත කරන සියලුම Google සේවාවලින් උපරිමය ලබා ගන්න. ඔබේ ගිණුම ඔබේ Google අත්දැකීම පුද්ගලායන කිරීමෙන් සහ ඕනෑම තැනක සිට ඔබට ඉතාම වැදගත් තොරතුරු වෙත පහසු ප්‍රවේශය දීමෙන් වැඩිපුර ඉටු කිරීමට ඔබට උදවු කරයි.

Image

ඔබට උදවු කරයි

ඔබ පුරනය වූ විට, ඔබ සැම විටම කාල සටහනේ ඉහළින් සිටීම තහවුරු කිරීමට ඔබේ Gmail ඔබේ Google දින දර්ශනය සහ Google සිතියම් සමඟ සමමුහූර්ත කිරීම වැනි සැමදා කාර්ය භාර සමඟ ඔබට උදවු ලබා දීමට ඔබ භාවිත කරන සියලුම Google සේවා සමඟ සියුම්ව ක්‍රියා කරයි.

ඔබ වෙනුවෙන් නිමැවූ

ඔබ කුමන උපාංගය හෝ Google සේවය භාවිත කරන්නේ වූවත්, ඔබේ ගිණුම ඔබට ඕනෑම වේලාවක අභිරුචි කිරීමටත් කළමනා කිරීමටත් හැකි වෙනස් නොවන, අත්දැකීමක් දෙයි.

ඔබව ආරක්ෂා කරයි

ඔබේ Google ගිණුම ඔබ වෙත තර්ජන ඒමට පෙර අනාවරණ කර අවහිර කිරීමට ස්වයංක්‍රීයව උදවු කරන කර්මාන්තයේ ප්‍රමුඛ ආරක්ෂාව මඟින් ආරක්ෂා කෙරේ.

උදවු කිරීමට සූදානම්

ඔබ පුරනය වී සිටින විට Chrome සිට YouTube දක්වා Google සේවා වඩා හොඳට ක්‍රියා කරන අතර ඔබට වැඩි දේ කිරීමට උදවු කරයි. ඔබේ ගිණුම ඕනෑම වේලාවක ඕනෑම උපාංගයක් මත ඔබට ස්වයං පිරවුම, පුද්ගලායන කළ නිර්දේශ, සහ තවත් ඒවා වැනි උපකාරී විශේෂාංග වෙත ප්‍රවේශය දෙයි.
ස්වයං පිරවුම
ඔබ වෙනුවෙන් හොඳින්ම ක්‍රියා කරයි
අන්තර්ජාලය පුරා සම්බන්ධව සිටින්න

ස්වයං පිරවුම

ඔබේ Google ගිණුම ඔබ ඔබේ ගිණුමට සුරැකී ඇති තොරතුරු භාවිත කර මුරපද, ලිපින, සහ ගෙවීමේ විස්තර ස්වයංක්‍රීයව පිරවීමෙන් ඔබට කාලය ඉතිරි කිරීමට උදවු කරයි.

Image

ඔබ වෙනුවෙන් හොඳින්ම ක්‍රියා කරයි

ඔබ ඔබේ Google ගිණුමට පුරන විට, ඔබ භාවිත කරන Google සේවා සියල්ල ඔබට වැඩිපුර ඉටු කිරීමට එක්ව ක්‍රියා කරයි. උදාහරණයක් වශයෙන්, ඔබට නිසි වේලාවට ගුවන් තොටුපළට යාමට උදවු කිරීමට ඔබේ Gmail එන ලිපි තුළ ඇති ගුවන් ගමන් තහවුරු කිරීම් ඔබේ Google දින දර්ශනය සහ Google සිතියම් සමඟ ස්වයංක්‍රීයව සමමුහූර්ත වෙයි.

Image

අන්තර්ජාලය පුරා සම්බන්ධව සිටින්න

උපාංග අතර YouTube වීඩියෝ යළි ඇරඹීමේ සිට, ඔබේ සම්බන්ධතා, සහ ප්‍රියතම Play Store යෙදුම් පහසුවෙන් ලද හැකි වීම දක්වා, එක පුරනය වීමක් Google පුරා සියුම් අත්දැකීමක් ලබා දෙයි. ඔබේ Google ගිණුම තෙවන පාර්ශ්වීය යෙදුම්වලට සුරක්ෂිතව සහ ඉක්මනින් පුරනය වීම පහසු කරයි, එබැවින් ඔබේ මනාපයන් Google හට අමතරව ඔබ සමග රැගෙන යයි.

Stay connected

ඔබ වෙනුවෙන්ම

ඔබේ Google ගිණුම ඔබ භාවිත කරන සෑම සේවයක්ම ඔබට පුද්ගලායන කරයි. ඔබේ මනාප, පෞද්ගලිකත්වය සහ පුද්ගලායන පාලන වෙත ප්‍රවේශ වීමට ඕනෑම උපාංගයකින් ඔබේ හුදෙක් ඔබේ ගිණුමට පුරන්න.
ක්ෂණික ප්‍රවේශය
පෞද්ගලිකත්ව පාලන
ඔබේ තොරතුරු සඳහා ආරක්ෂිත තැනක්

ක්ෂණික ප්‍රවේශය

ඔබ කිසි විටෙක ඔබේ දත්ත සහ සැකසීම් සඳහා එක තට්ටු කිරීමකට වඩා දුරින් නොසිටියි. ඔබේ පැතිකඩ ඡායාරූපයට තට්ටු කර “ඔබේ Google ගිණුම කළමාන කරන්න” සබැඳිය අනුගමන කරන්න. ඔබේ පැතිකඩ පින්තූරයෙන්, ඔබට පහසුවෙන් පුරන්නට, වරන්නට, හෝ අප්‍රසිද්ධ ප්‍රකාරය සක්‍රීය කිරීමට හැකි ය.

Image

පෞද්ගලිකත්ව පාලන

පෞද්ගලිකත්වය ගත් විට, එක ප්‍රමාණයක් සෑම දෙයටම නොගැළපෙන බව අපි දනිමු. සෑම Google ගිණුමක්ම ඔබට ගැළපෙන පෞද්ගලිකත්ව සැකසීම් ඔබට තෝරාගත හැකි පරිදි පෞද්ගලිකත්ව පරීක්ෂණය වැනි භාවිතයට පහසු පාලන සහ මෙවලම් සමඟ එන්නේ එම නිසා ය. ඔබට පහසු සක්‍රීය/අක්‍රිය පාලන සමඟ ඔබේ ගිණුම තුළ සුරැකෙන්නේ කුමන දත්තද යන්න පාලන කිරීමට ද දිනයට, නිෂ්පාදනයට, සහ මාතෘකාවට අනුව ඔබේ දත්ත මැකීමට පවා හැකි ය.

Privacy Control

ඔබේ තොරතුරු සඳහා ආරක්ෂිත තැනක්

ඔබේ Google ගිණුම ඔබට ඒවා ඔබට අවශ්‍ය විට අන්තර්ජාලය පුරා ඔබට ලැබෙන පරිදි — ණයපත්, මුරපද, සහ සම්බන්ධතා වැනි — ඔබේ පුද්ගලික තොරතුරු ගබඩා කිරීමට ආරක්ෂිත, මධ්‍යම තැනක් ලබා දෙයි.

Image

ඔබේ තොරතුරු පුද්ගලිකව, ආරක්ෂාකාරීව සහ සුරක්ෂිතව තබා ගැනීම

ඔබේ Google ගිණුම තුළ ඇති සෑම තොරතුරක්ම ආරක්ෂා කිරීම කිසිදා වඩා වැදගත් වී නැත. අපි සෑම ගිණුමකටම ආරක්ෂක පරීක්ෂාව සහ Google මුරපද කළමනාකරු වැනි බලවත් ආරක්ෂණ සහ මෙවලම් නිමවා ඇත්තේ එම නිසා ය.
තිළැලි ආරක්ෂාව
ආරක්ෂක පරීක්ෂාව
Google මුරපද කළමනාකරු

තිළැලි ආරක්ෂාව

ඔබේ Google ගිණුම ස්වයංක්‍රීයව ඔබේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කර එය පුද්ගලිකව සහ ආරක්ෂිතව තබයි. සෑම ගිණුමක්ම එන්නේ 99.9% ක අනතුරුදායක ඉ-තැපැල් ඔබ වෙත ඒමටත් පෙර ඒවා අවහිර කරන අයාචිත තැපැල් පෙරහන්, සහ සැක සහිත ක්‍රියාකාරකම සහ දුෂ්ට වෙබ් අඩවි ගැන ඔබට අඟවන පුද්ගලායන කළ ආරක්ෂ ක දැනුම්දීම් වැනි බලවත් විශේෂාංග සමඟ ය.

Image

ආරක්ෂක පරීක්ෂාව

මෙම පහසු මෙවලම ඔබට ගිණුම සුරක්ෂිතව තබා ගැනීමට උදවු කරන පුද්ගලායන කළ නිර්දේශ දෙයි.

Image

Google මුරපද කළමනාකරු

ඔබේ Google ගිණුම එන්නේ ඔබට පමණක් ප්‍රවේශ විය හැකි මධ්‍යම තැනක් තුළ ඔබේ මුරපද සුරක්ෂිතව සුරකින තිළැලි මුරපද කළමනාකරුවෙක් සමඟ ය.

Image

ඔබේ Google මෙහි පටන් ගනියි